ජනප්‍රිය රංගන ශිල්පිනී දේශානි නිහරා සම්බන්ධයෙන් මේ දිනවල අලුත්ම ආරංචියක් සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී. ඇය තම පෞද්ගලික ජීවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.
එම සටහනට අනුව, දේශානි නිහරා මුහුණ දුන් ජීවිතයේ අත්දැකීම් පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර විවිධ අදහස් පළවෙමින් පවතින අතර, බොහෝ පිරිසක් මෙම ආදරණීය රංගන ශිල්පිනිය වෙනුවෙන් තම හඬද අවදි කරමින් සිටීම විශේෂත්වයකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලිකාවක් වන තිලිනිකා විමලවීර සිය අදහසක් මෙලෙස සටහන් කර තිබුණා.
“ගැහැණියක් ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. මට හිතෙන්නේ දේශානිත් ඒ වගේමයි. ආදරය වෙනුවෙන් තමන්ගේ රැකියාව පවා කැප කළත්, වටේ යන එක පුරුදු වෙච්ච මිනිස්සුන්ට ඒ ආදරයේ වටිනාකම තේරෙන්නේ නැහැ. දැන්වත් මේ කෙල්ලට සමාජ මාධ්‍ය පිටු වලින් මඩ ගහන්න එපා. ආදරේ රැවටුනාම හැම ගැහැණියකටම ඒ වේදනාව දරාගන්න බැහැ.”
ඇය තවදුරටත් සඳහන් කර ඇත්තේ,
“තවත් කෙනෙකුගේ ජීවිතය විහිළුවක් කරගන්න එක හරි දෙයක් නෙමෙයි. ඔව්, වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ආදරේ වෙද්දී ගැහැණු අය ගොඩක් වෙලාවට හරිම මෝඩයි. කසාදයකින් අවසන් වෙලා දරුවෝ එක්ක විඳවන්න වඩා, මේ විදියට හැමදේම මෙතනින් නතර වුණ එක හොඳයි.”
අවසානයේ ඇය සඳහන් කරන්නේ,
“දේශානි, මේ ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇතුවයි.”
මෙම අදහස් සමඟ දේශානි නිහරා ගැන සමාජ මාධ්‍ය සංවාදය තවදුරටත් උණුසුම් වී ඇති අතර, බොහෝ දෙනා ඇය වෙනුවෙන් සහය පළ කරමින් සිටිනවා.

Discussion